හෝටලයකට පැන්න චණ්ඩි - දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි
June 10, 2026 05:43 pm
ගාල්ල, උඩුගම කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකට පසුගියදා කඩා වැදුණු පුද්ගලයන් තිදෙනෙකු විසින් එහි සිටි දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී පලාගොස් තිබේ.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අයෙකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු හිනිදුම ආසනයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීප ආධාරකරුවෙකු බවට සිදුකළ පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම ඔහුගේ බිරිඳ නාගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක ලෙසද සේවය කරන බව වාර්තා වේ.
අනෙක් සැකකරුවන් දෙදෙනාද මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවට තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු සැකකරුවන් තිදෙනා සහ අදාළ ග්‍රාම නිලධාරිනිය මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව වාර්තා වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උඩුගම සහ නාගොඩ පොලිස් ස්ථාන මගින් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු එම පොලිස් ස්ථාන මගින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.
